shopify වැඩ අල්ලමූ.( shopify -01)

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

shopify වැඩ අල්ලමූ.( shopify -01)

shopify dropshipping

dropshipping store වල ලෝකයේ බහුතර පිරිසක් භාවිතා කරනු ලබන ඉතා පහසු flatform එකක් හැටියට මේ shopify අපිට හදුනාගන්න පුලුවන්.shopify හරහා ඔයාට ඉතා පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මානය කරගන්න පුලුවන්. නමුත් මේක paid vershion එකක්. මේ හරහා විවිද ප්‍රභේද සහිත වෙබ් අඩවි  නිර්මාණය කරගැනීමට අවස්ථාවක් ලැබෙන අතර ඔබට කැමති පරිදි වෙබ් අඩවියේ වෙනස්කම් සිදුකිරීමට අවස්ථාවක් ලබා දී ඇත. ලෝකයේ e commerce web අඩවි වලින් බහුතරයක් shopify හරහා නිර්මාණය වීමෙන්ම පැහැදිලි වනුයේ මෙම සේවාව ඉතා සාර්ථක වී ඇති බවයි. මීට අමතරව Facebook Pixel, Oberlo වගේ dropshipping වලට උදව් වෙන අනෙකුත් සේවාවන් ඉතා හොදින් shopify සමග වැඩ කිරීම සිදුවෙනවා.

shopify account එකක් හදමු.

Shopify වෙබ් අඩවියට ගිහින් ඔයාට account එකක් හදාගෙන store එකක් හදා ගන්න පුළුවන්.ඔයාට පහත ලින්ක් එකෙන් ගිහින් shopify free 14 days පාවිච්චි කරන්න පුලුවන්!

14 Days Free > Get Here Shopify

මන් ඔයාලට මුලදි කිව්වාShopify කියන්නේ WordPress වගේ නොමිලේ ලබා දෙන සේවාවක් නෙමේ. නමුත් ඔයාලට්‍ය දවස් 14ක trial එකක් ලැබෙනවා. මේ දවස් 14දී ඔයාට පුළුවන් store එකක් හදලා මේ platform එක try කරලා බලන්න.

හැබැයි ඔයාට භාණ්ඩ විකුණන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ සේවාව මිලදී ගැනීමෙන් පස්සේ. Shopify වල මිල ගණන් මේ විදියයි.

29$ package එක ගොඩක් දෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්.කොහොමත් ඔයා මුලදි පටන් ගන්න කෙනෙක් විදියට ඩොලර් 29 පැකේජ් එක ගන්න. මේකටත් යම් කාලයක් යනවා ඒ නිසා ඔයා ඉස්සල්ලාම අර විදියට ාඩු පැකේජ් එකෙන් වැඩේ පටන් ගන්න එක ගොඩක් හොදයි.තව දෙයක් කියන්න ඕනේ මේ වැඩේට අනිවාර්‍යයෙන්ම ඕනේ දෙයක් තමයි පේපෑල් ගිනුමක් කියන්නේ. ඔයා ලංකාවේදි හරියට පේපෑල් එකක් හදාගෙන ගනුදෙනු කරන්න පුලුවන් මට්ටමට ගන්න එක පිලිබදව මුල blog වල මන් පැහැදිලි කලා.

හරියට පේපෑල් හදාගන්න විදිය –

  1. පේපෑල් නිර්මාණය පලමු කොටස
  2. පේපෑල් නිර්මාණය දෙවන කොටස

ඔන්න ඔය විදියට පේපෑල් එකක් හදාගන්න පුලුවන්.ඊබේ ඩ්‍රොප්ශිපින් වගේම මේකේදිත් පේපෑල් හරහා ගනුදෙනු සිදුවෙනවා වාසියට තියෙන්නේ මේකෙදි සස්පෙන්ඩ් වෙන ප්‍රශ්න නැති නිසයි.shopify dropshipping ව ප්‍රදාන අවාසිය නම් මේකෙදි marketing සදහා විශාල මුදලක් මූලිකව දරන්නට සිදුවීම. මෙහිදී facebook ads,google ads,instagram stories ,pinterest ads මගින් තමයි මේ වැඩේ සිද්ද වෙන්නේ.

මූලිකව වියදම ටිකක් විතර සැර වුනත් පසුකාලිනව මෙහි ලාභ ලබන්න පුලුවන් ඉතා විශාල වශයෙන්. ඒකට මේ flatform එකෙන්ම දායකත්වය දක්වනවා.ඔයත් අන්තර්ජාලය හරහා මුදල් හම්බකරන්න බලාපොරොත්තු වන කෙනෙක් නම් shopify කියන්නේ ගොඩක් හොද option එකක්. හැබැයි මේක කාලයත් එක්ක තමයි දියුනු වෙන්නේ. ඒ නිසා මේ වැඩේට ඉවසීම අත්‍යාවශ්‍ය වෙනවා.

shopify dropshipping ගැන මූලික හැදින්වීමක් හැටියට තමයි අද මේ කාරණා ටික දැනුවත් කරන්න හිතුනේ.. රාවණා පරපුරේ ඇත්තන්ට ජය!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *