Rakuten ebates ඩ්‍රොප්ශොපින් වල සැගවුනු මන්තරේ

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Rakuten ebates ඩ්‍රොප්ශොපින් වල සැගවුනු මන්තරේ

ඔන්න අද කතා කරන්නේ ඊබේ ඩ්‍රොප්ශිපින් කරන ඔයාලට වැදගත් වෙන හා අමතර මුදලක් උපයා ගන්න ක්‍රමයක් ගැන..මේ ක්‍රමය යටතේ ඔයාලා ශිප් කරන ඕනෑම භාන්ඩයක් සදහා cashback එකක් ලබා ගන්නේ කොහොමද හා එමගින් විශාල මුදලක් කාලයත් එක්ක ලබාගන්නේ කොහොමද කියන කාරනේ කතා කරමු.. මොකක්ද මේ කියන වෙබ් සයිට් එක? මේකේ නම තමයි rakuten ebates කියලා කියන්නේ.. ඉතින් ඔයා මේකෙන් සල්ලි හොයන්නේ කොහොමද? මේ වැඩේ ඉතා සරලයි.. ඔයා අලි එකෙන් ගන්න භාන්ඩ මේ සයිට් එක හරහා අලී එකට ගිහින් අරගන්න ඕනේ.. ඒක ඊබේ එකේ හරියට ලිස්ට් කරලා සේල් එකක් උනාම rakuten ebates එකෙන් අලී එකෙන් ගත්තම ඔයාට කෑශ් බැක් එකක් හම්බෙනවා..ඉතින් ඊබේ වලින් සෙල් වෙන හැම අයිටම් එකක් ම මෙතනින් ඔයා ශිප් කරෝතින් කාලයත් එක්ක අතිවිශාල මුදලක් ඔයාට නිකන්ම ලැබෙනවා..මේ ගැන මන් තව ටිකක් පැහැදිලි කරන්නම්..
Q- මොකක්ද මේ rakuten ebates කියලා කියන්නේ?
මේක හරියට ශොපින් සයිට් වල එකතුවක් වගේ.. මේ තුල ebay,aliexpress,amazon,gearbest,cjdropshopping,banggood වගේ වෙබ් අඩවි තියෙනවා..
Q – මේ තුලින් මුදලක් උපයන්නේ කොහොමද?
ඔයා ඊබේ එකේ කිසියම් භාන්ඩයක් විකිණෙන්න දාලා තියනවා කියලා හිතමු. ඒකේ ගාන ඩොලර් 5 වගේ කියලා හිතමු.. (අලී එකෙන් හෝ වෙනත් ඉහත කී වෙබ් අඩවි වලින් ගත්ත ප්‍රයිස් එක) කිසියම් ගැනුම් කරුවෙක් ඔයා ඊබේ එකේ දාපු අයිටම් එක එම දාපු ගානට ගන්නවා..ඒ ගාන ඩොලර් 12 කියලා හිතමු.. හ‍රි දැන් අයිටම් එක එයාට යවන්න අපි Rauten ebates භාවිතා කරමු..ඔයා මේ වෙබ් අඩවියට ගිහින් අලී එක්ස්ප්‍රෙස් එකට ලොග් වෙන්න ලොග් වෙලා අලී එකෙන් ‍යවන විදියටම ඩොලර් 5 අයිටම් එක ගන්න.ඔන්න එතකොට ඔයාට ඩොලර් 5 කැපිලා යයි.. ඒ වගේම වෙනමම කෑශ් බැක් එකක් එකතු වෙලා තියෙයි..ඔය විදියට තමා දිගටම වැඩේ වෙන්නේ.. කාලයත් එක්ක ඔයාට විශාල මුදලක් ලබ ගන්න පුලුවන් කිසිම දෙයක් සිදු නොකර..
Q – කොහොමද මේකට සම්බන්ද වෙන්නේ?
මම පහල දාලා තියන ලින්ක් එකෙන් ගිහින් ඊමේල් පාස්වර්ඩ් දීලා රෙජිස්ටර් වෙන්න..ඊට පස්සේ aliexpress කියලා rakuten ebates එකේ සර්ච් කරලා ඒකේ අලි එක්ස්ප්‍රෙස් එකට ලොග වෙන්න අලී එකේ එකවුන්ට් තියන අය නැත්තම් sign up වෙන්න..
මෙන්න ලින්ක් එක – https://bit.ly/3lV1UA9
Q – හම්බෙන මුදල් ලබා ගන්නේ කොහොමද?
ඔයා ලංකාවේ කෙනෙක් නම් පේපෑල් පාවිච්චි කරන්න. මේකට ඊබේ පේපෑල් එක පාවිච්චි කරාට කිසිම අවුලක් නෑ.. මීට අමතරව check මගින් මුදල් ලබාගන්න පුලුවන් උනාට ඒකෙදි ලංකාවේදී ලොකු මුදලක් කපාගන්නවා ඒ නිසා හොදම දේ පේපෑල් හරහා ලබාගන්න එක.
මේ හරහා එකතු වෙන මුදල් අවුරුද්දේ අවස්ථා 4 කදී ලබා ගන්න පුලුවන්..මුදල් ලබාගන්න ගිනුමේ ඩොලර් 5 කට වඩා කෑශ්බැක් තියන එක අනිවාර්‍ය වෙනවා.. ඉතින් ඩ්‍රොප්ශොපින් කරන ඔයාලට මේ ක්‍රමය මගින් විශාල මුදලක් උපයා ගන්න පුලුවන්..
ඉතින් කාලයත් එක්ක ඔන්න ඔය ක්‍රමයෙන් විශාල මුදලක් උපයා ගන්න පුලුවන්.. කිසිම වැඩක් නොකර.. මේ ක්‍රමයෙන් මුදල් උපයන හුග දෙනෙක් ඉන්නවා.. නමුත් ගොඩක් අය මේක ගැන කියා දෙන්න කැමති නෑ.. දවසක අලුත් කතාවකින් හම්බෙමු…

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *