Paypal VCC කියන්නේ මොකක්ද හා ඒකෙන් මොකද වෙන්නේ?

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Paypal VCC කියන්නේ මොකක්ද හා ඒකෙන් මොකද වෙන්නේ?

paypal vcc

ඔන්න අද කතා කරන lesson එක ගොඩක් දෙනෙක්ට වැදගත් වේවී. මේකත් මම Q & A විදියට කතා කරන්නම්.

Q : මොකක්ද මේ පේපෑල් vcc කියන්නේ?
paypal vcc කියන්නේ paypal virtual card කියන එක. මේක භාවිතා වන්නේ ඩ්ජිටල් ප්‍රඩක්ට් එකක් විදියට. ඒ කියන්නේ මේකෙන් මුදල් අපගේ බැංකු ගිනුමට ලබා ගන්න බෑ. මේ හරහා පුලුවන් paypal එකකින් තවත් පේපෑල් එකකට මුදල් හුවමාරු කරන්න.

Q : paypal vcc වලින් අපට තියන ප්‍රයෝජනේ මොකක්ද?
ඊබේ ඩ්‍රොප්ශිපින් පටන් ගන්න ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක් තමයි සස්පෙන්ඩ් වෙන එක අන්න එතකොට අපි ඊලගට හදන ebay account එකටත් පේපෑල් ගිණුමක් අවශ්‍ය වෙනවා. මේ හදන පේපෑල් එකත් verify කරන්න බැංකු කාඩ්පතක් අවශ්‍ය වෙනවා.ඉතින් ඔයා මේකට බැංකු කාඩ් එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඔයාගේ වැරදි නිසා ඊබේ එක සස්පෙන්ඩ් වෙනවා. දැන් ආයිමත් ඊබේ පේපෑල් හදලා ආයි ඔයා අලුතෙන් පටන් ගන්නවා. ආයිත් බැංකු කාඩ් එකක් උවමනා වෙනවා. අන්න එතකොට ඔය බැංකුවට කියලා කාඩ් එකක් ගන්නවා ආයිත්.. නමුත් මේ විදියට විවිද වැරදි නිසා ඔයාගේ ebay account එක සස්පෙන්ඩ් වෙන වතාවක් ගානේ ඔයාට බෑ බැංකුවලින් කාඩ් ගන්න. ඒ නිසා අන්න ඒ වෙලාවට තමයි ඔයාට vcc වල වටිනාකම දැනෙන්නේ. පේපෑල් vcc එකක් අරගෙන වැඩේ කරනවා නම් ඔයාගේ සස්පෙන්ඩ් වූ account එකට අදාල පේපෑල් එක අයින් කරලා අලුත් vcc එකක් අලුත් account එකට ඇඩ් කරන්න පුලුවන්. මෙතනදි පොඩි ගානක් ඔයාට වියදම් වෙනවා නමුත් paypal vcc ලිමිට් වෙන්න තියන ඉඩකඩත් බොහොම අඩු නිසා ඔයා හරියට වැඩේ කරගෙන යනවානම් ගොඩ කාලයක් වැඩේ කරගෙන යන්න පුලුවන්.

Q : ebay එකේ හොයන සල්ලි අතට ගන්නේ කොහොමද vcc එකෙන්? ඔය කියන විදියට ඒ සල්ලි ගන්න විදියක් නෑනේ?
ඔව්. මේකේ එකතුවෙන සල්ලි තවත් පේපෑල් ගිනුමකට විතරයි ගන්න පුලුවන්. ඒකියන්නේ කෙලින්ම අපගේ බැංකුවට withdrawal කරන්න හැකියාවක් නෑ. නමුත් තවත් පේපෑල් එකකට දාන්න පුලුවන් නේ. ගොඩක් ඊබේ ඩ්‍රොප්ශිපින් කරන කට්ටිය මේ වැඩේ කරනවා. මේකේදි ඔයා හරියට හදාගත්ත බැංකුවෙන් කාඩ් එකක් අරන් verify කරගත්ත paypal account එකක් ඕනේ කරනවා. ඒ කියන්නේ ඔයාගේ පරණ ඊබේ account වල පේපෑල් ගිනුමක් ( කේස් නැති) තියෙන්න ඕනේ. ඉතින් මේ පේපෑල් එකෙන් විත්ඩ්‍රොවල් ගන්න පුලුවන්නේ. ඔයාට කරන්න තියෙන්නේ paypal vcc add කරපු පේපෑල් එකේ මුදල් ඔයාගේ ඇත්ත කාඩ් එක ඇඩ් කරපු පේපෑල් එකට දාන එක. මේක කරද්දි සැලකිලිමත් විය යුතු කාරණයක් තමයි නිරන්තරයෙන් පේපෑල් එකට මුදල් දාන්න යන්න එපා. ඒවගේම මුලදි ඩොලර් 50,100 වගේ දාන්න. ඔයාගේ ඇත්ත කාඩ් එකක් ඇඩ් කරපු පේපෑල් එක ලිමිට් වෙන්න ඉඩකඩක් තියෙයි කාලයක් යද්දි එතකොට ඒක document දීලා හරියට verify කරන්න තියෙන්නේ.

Q : මේකෙන් අපිට තියන වාසි මොනවද?
නිරන්තරයෙන් අලුත් කාඩ් හදන්න ඕනේ වෙන්නේ නෑ.
vcc paypal එක ලිමිට් වෙන ඉඩකඩ අඩුයි.
දිගුකාලිනව පාවිච්චි කරන්න පුලුවන්.

Q :මේකෙන් අපිට තියන අවාසි මොනවද?
කෙලින්ම බැංකුවට සල්ලි ගන්න බෑ.
පොඩි ගානක් දීලා ගන්න සිද්ද වෙනවා ( ඩොලර් 8-10 )

Q : paypal vcc එකම කාඩ් එක දෙපාරක් පාවිච්චි කරන්න පුලුවන්ද?
පුලුවන් හැබැයි එක ඊබේ එකකට හදපු පේපෑල් එකකින් අයින් කරලා තමයි අනිකට දාන්න ඕනේ. නමුත් ඔයා ඒක ඊබේ එකට ලින්ක් කරලා තිබුනොත් මේ වැඩේ අවුල් එතකොට අලුත් කාඩ් එකක් ගන්න වෙනවා. නැත්තම් ඔයා ඊබේ එකේ කලින් හිටපු කෙනෙක් කියලා ඔයාව හදුනාගන්නවා.

Q : මේවා ගන්න තියන්නේ කොහෙන්ද?
තව දවස් 2 කින් වගේ මේවා කෙනෙක් හරහා මිලදී ගන්න පුලුවන් අවස්ථාව ඔයාට සලසනවා. රුපියල් 1300 කට වගේ ඔයාට මේවා මිලදී ගන්න පුලුවන් අවස්ථාව ලැබෙනවා. ඒගැන මම පසුව දැනුවත් කරන්නම්. ඔයාට ගොඩක් හදිස්සිනම් වෙන කෙනෙක්ගෙන් ගන්න පුලුවන්, නමුත් ගොඩක් ඒවා බොරුවට සල්ලි අරන් වැඩේ කරන්නේ නෑ.ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

ඔන්න ඔය ටික තමයි අද කතා කරන්නේ.මේකෙන් ඔයා පේපෑල් ගිනුම හරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක පිලිබදව දල අදහසක් ගන්න ඇති.එහෙනම් තවත් දවසක හම්බෙමු.
.
.
.
රාවනා පරපුරේ ඇත්තන්ට ජය!

2 Responses

  1. G. L. Karunathilaka says:

    Good job

Leave a Reply

Your email address will not be published. Required fields are marked *