PURPOSE

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ මූලික අරමුණ

ශ්‍රී ලංකාව තුල මේවන විට අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම පිලිබදව දැඩි උනන්දුවක් හා කැපවීමක් දක්නට ලැබේ. එසේම ඒ තුලින් සාර්ථක ව්‍යවසායකයින් නිර්මානය වී ඇති බවට facebook, youtube වැනි social media හරහා බොහෝදෙනා කතා බහවී දැකීමට මට හැකිවිය.

පවතින covid 19 අර්බුදයත් සමග බොහෝ දෙනාගේ රැකියා අවස්ථා අහිමි වීමක් සිදුවන අතර එම නිසා ලංකාවේ බොහෝදෙනෙක් අන්තර්ජාලය හරහා මුදල් ඉපයීම ඉතා පහසුවෙන් සිදුකල හැකි බවට විශාල ප්‍රචාර ප්‍රමාණයක් ගෙන ගියහ. ඒ තුල සිදුවූ අයුතු දේ නම් බොහෝදෙනා තමා සතු මුදල් වියදම් කර ebay dropshipping,shopify causes,etsy causes වැනි දේ සදහා යොමු වීමයි. එසේම වර්ථමානය වන විටද මෙම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිලිබදව කලුකඩ ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත.

ඒ අනුව මෙම තත්වයෙන් අගතියට පත්වන කණ්ඩායම් විශාල ලෙස ඉහල යනු දැකීම නිසා මා විසින් ebay dropshipping ලංකාව තුල ආරම්භ කලයුත්තේ කෙසේද හා එය නිවැරදිව පවත්වාගෙන යාමට කලයුතු දේ ඇතුලු බොහෝ දේ ඔබ වෙත සමීප කරනු ලබන telegram channel එකක් නිර්මාණෞඅ කෙලෙමි. ඒ තුලි සාර්ථක ප්‍රතිලාභ මේ වන විට බොහෝදෙනෙකු ලබා සිටිනු දැකීම නිසා මා නිහතමානීව ආඩම්භර වෙමි.ශ්‍රී ලංකාව යනු ඊබේ ඩ්‍රොප්ශිපින් කරන පිරිස වැඩිම රට වේ.( වර්ථමානය වන විට ) මේ වන විට ඊබේ ඇතුලු විවිද අන්තර්ජාල ව්‍යාපාර සදහා සමාගම් හා කන්ඩායම් නිර්මාණය වී විව්ද දේ සදහා මුදල් ලබාගනිමින් සිටිනු දැක ගත හැකිය.මේ පිලිබදව කිසිදු දැනුමක් නොමැති ඇත්තෝ එම වංචනික ක්‍රියා සදහා රැවටීමට පත්වෙයි.

බොහෝ දෙනා සිතා සිටිනුයේ අන්තර්ජාලය තුල ඉතා ඉක්මනින් ( දවස් 15-20 ) අති විශාල මුදලක් ඉපයිය හැකි සේය. නමුත් ඇත්ත නම් මෙහිදී මූලික කරුණු සදහා මහන්සි වීමක් සිදුවිය යුතුය. මම අවුරුදු 2 ක් තිස්සේ අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමක් නොකර එය හදාරා ඇත. මෙය ඔබේ රැකියාවයි. එය වෙනස් වනුයේ උපයන මුදල් ඒකකයෙන් හා කරන කාර්යය මතය. අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම සදහා අත්‍යාවශ්‍යම සාදකය වනුයේ නොපසුබට උත්සහයයි.මේ සදහාද කාලය ශ්‍රමය හා මුදල් යම් තරමක් වැයවේ. මෙය සාර්ථකව හැදෑරීමට දැනගත යුත්තේ ඔබය. නැතිව කෝස් කරන ගුරුවරයා නොවෙයි. මුදල අමතක කර මුලදී මෙය හදාරන්න. මුදල් ඔබට නිරන්තරයෙන් ලැබේවී.

අමතක නොකල හැකි හොදම දේ වන්නේ මේ කාරණය සදහා මට මූලික දායකත්වය සපයන මගේම මිතුරන් දෙදෙනා පිලිබදවයි. මෙම කාර්‍යයෙයි සාර්ථකත්වය සදහා ඔවුන්ගෙන් ලැබෙන දායකත්වයට ස්තූති පුද කිරීමට අවස්ථාවක් ලෙස මෙය යොදාගන්නවා.

යතෝක්ත කරුණු පදනම් කරගෙන ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට මා විසින් නොමිලේම ඔබට සියලු කරුණු පැහැදිලි කිරීමට මෙම වෙබ් අඩවිය නිර්මානය කලෙමි. ඔබ විසින් මුදල් ඉපයීමට මෙයට රුචිකත්වයක් දක්වයි නම් එයට මුදල් වියදම් කිරීම විහිලුවක් බව මගේ මතයයි.මම අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිලිබදව දන්නා කරුණු පිලිබදව ඔබව දැනුවත් කරනු ලබන අතර ඒ තුලි ශ්‍රී ලංකාවේ සාර්ථක ව්‍යවසායක පරපුරක් බිහිකිරීම මාගේ එකම අභිලාශයයි. එහි ඇති සතුට මුදල් වලට සීමා නොකල හැකී.