eBay seller account එකක් නිර්මානය කිරීම හා ශිප් කරන රටවල් මොනවාදැයි සෙවීම

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

eBay seller account එකක් නිර්මානය කිරීම හා ශිප් කරන රටවල් මොනවාදැයි සෙවීම

ඔන්න අද කතා කරන්නේ eBay seller account එකක් හදන්නේ කොහොමද කියලා..මේකේදි ඔයා ශ්‍රීලංකාවේ සෙලර් කෙනෙක් විදියට තමයි වැඩේ ආරම්භ කරන්නේ..

ඊබේ එකේ උඩ තියන සෙල් කියන එක ක්ලික් කරාට පස්සේ එතන එන ඩීටෙල් ටික හරියට පුරවලා අපිට පුලුවන් ඊබේ එකේ සෙලින් ඇක්ටිව් කරගන්න.. මේ වැඩේදි ඔයා country එක අනිවාර්‍යයෙන් ශ්‍රී ලංකා දාන්න ඕනේ..( වීඩියෝ එකක ලින්ක් එකක් දානවා ඒක බලන්න) ඒ විදියට හදාගන්න.. 

මම ඔයාට කිව්ව  අලී එකේ හරි ඇමසන් එකේ හරි බයර් කෙනෙක් හොයා ගන්න කියලා.. නමුත් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ අපිම ප්‍රොඩක්ට් කීපයක් විකුණන්න දාන්න ඕනේ.. එහෙම නොකර ඩ්‍රොප්ශොපින් කරන්න බෑ.. ඊලග කාරණේ ඒ දාන ප්‍රොඩක්ට් ඔයා තෝරාගත්ත කැටගරියට අදාල වෙන්න ඕනේ.. ලිස්ට් කරන අයිටම් 5-10 අතර ප්‍රමාණයක් ශීලංකාවේ ඉදන් යවන්න ට්‍රයි කරන්න.. හරියට ඒ අයිටම් ටික පරක්කු නැතුව යවන්න..කොවිඩ් වාතාවරණයත් එක්ක මේ විදියට ඩිරෙක්ට් ශිපින් කරන රටවල් 23 දක්වා අඩුවෙලා තියෙනවා.. ඒනිසා ඔයා බිඩ් එකක් දානවා නම් ඒ රටවල් වලට විතරක් දාන්න.. නැත්තන් මෙහෙන් ශිප් කරන්න බෑ වෙන රටවල් දැම්මොත්.. මම ඒ රටවල් ටිකත් පොටෝ එකකින් දාලා තියන්නම්…ඊලග කාරනේ තමා ඔයා හොද සෙලර් කෙනෙක් වෙන්න නම් වැදගත් වෙන දෙයක් තමා ජෙනුයින් බයර්ලා ඉන්න රටවල් හොයා ගන්න එක..ඒ නිසා පහල දාලා තියන doc එකේ තියන රටවල් වලට විතරක් ශිප් කරන්න.. එපාකියන රටවල් වලට භාන්ඩ යවන්න එපා මොකද ඒ වගේ ගොඩක් අය භාන්ඩයත් අරන් ආවේ නෑ කියල කියන නිසා.. ඒ නිසා ඩිරෙක්ට් යවන අයිටම් 5-10 ට පස්සේ අනිවාර්‍යයෙන් මේ රටවල් වලට විතරක් ප්‍රොඩක්ට් ශිප් කරන්න.. නැත්තම් ඔයාලට ලොකු ගමනක් යන්න බැරි වේවී.මම ඒකත් දැන්ම දෙන්නේ ඔයාලට මේක බලලා  අදහසක් ගන්න.. කලබල වෙලා ඩිරෙක්ට් ශොපින් නොකර ඩ්‍රොප්ශොපින් කරන්න එපා..කොවිඩ් තත්වෙත් එක්ක ඔයා භාන්ඩ ලිස්ට් කරන්න කලින් පෝස්ට් ඔෆිස් එක්ක මේක ගැන කතා කරන්න.. නැත්තම් වැඩේ අවුල් වෙන්න පුලුවන්.. පහල තියන පොටෝ එකේ තියන රටවල් වලට විතරයි ලංකාවෙන් ශිප් කරන්නේ.. ඒ රටවල් වලට විතරක් ඩිරෙක්ට් ශිපින් ප්‍රොඩක්ට් දාන්න..

අද වැඩිය දෙයක් කියන්න නෑ.. සෙල‍ර් එකවුන් එක හදලා පේපෑල් ලින්ක් කරගන්න අමාරුයිනම් උඩ(lesson 2)  ඊබේ ගයිඩ් pdf එක හා පහල වීඩියෝ එක බලන්න.

මෙන්න වීඩියෝ එක –

ශ්‍රී ලංකාවේ ඉදන් සෙලින් කරන්න පුලුවන් රටවල් පිලිබද සටහන

ලංකාවේ ඉදන් ඊබේ ඩ්‍රොප්ශිපින් කරන කෙනෙක් පහත රටවල් අයින් කරලා වැඩේ පටන් ගන්න. කාලයක් ගියාම ඒවට එන්න. මොකද මේ රටවල් වල සෙලින් ටිකක් අමාරුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *