Ebay dropshipping mobile phone එකෙන් කරන්න පුලුවන්ද?

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Ebay dropshipping mobile phone එකෙන් කරන්න පුලුවන්ද?

අද කතා කරන්නේ කොහොමද මේ Ebay dropshipping පෝන් එකෙන් කරන්නේ කියලා.. මන් මේ ලෙසන් එක ගේන්න හේතුව සමහරක් මේක පෝන් එකෙන් කරනවා කියලා කියද්දි තවත් පිරිසක් පෝන් එකෙන් කරන්න බෑ කියලා මතයක් හදලා තියෙන නිසා.
හොදයි. ඊබේ ඩ්‍රොප්ශොපින් පෝන් එකෙන් කරන්න පුලුවන්…එහෙම කරනවා නම් ඔයාට අයිටම් ලිස්ට් කරද්දි ටිකක් කරදර වෙනවා. මොකද pc එකක වගේ ලොකු තිරයක් පෝන් එකේ නැති නිසා.
Q- ebay dropshopping කොහොමද පෝන් එකෙන් කරන්නේ?
මේකටත් pc එකෙන් කරනවා වගේම පියවර කීපයක් තියෙනවා..

  1. Brave browser එක google play store or apple store එකෙන් ලබා ගැනීම.
  2. brave browser එක open කර desktop mood සකස් කරගැනීම.
  3. ඒ වගේම brave browser එකේ privet mood on කරගැනීම.

ඔන්න ඔය මූලික පියවර ටික කරන්න. ඊට පස්සේ ඔයාට පහසුවෙන් ebay එකට හා පේපෑල් එකට ලොග් වෙන්න පුලුවන්.. මෙතනදි හැබැයි ඔයා කිසිම වෙලාවක වෙන ඊබේ account හදලා තියෙන්න බෑ.

Q- ebay & paypal account එකක් තිබ්බා ebay එක සස්පෙන්ඩ් උනානම් එහෙම පෝන් එකෙන් කරන එක අවුල්ද?
පෝන් එකෙන් හදන අලුත් account එක brave browser එකකින් privet mood දාලා හදන්න.. සස්පෙන්ඩ් වෙන්න තියන ඉඩ අඩුයි. නමුත් ඔයා එකම ip එක පාවිච්චි කරන නිසා බලපෑමක් නෑ කියන්නත් බෑ.

Q- ebay account එකයි paypal එකයි app වලින් use කලොත් අවුලද?
කිසිම වෙලාවක එහෙම පාවිච්චි කරන්න එපා. හැම වෙලේම brave privet mood use කරන්න. ඇප් use කරන්නම එපා.

Q- app වලින් පාවිච්චි කරපු ebay & paypal ඒවගේන් අයින් කරලා brave browser එකෙන් ගියාම ඒකත් අවුලද?
නෑ. 90% විතර කිසිම අවුලක් නෑ.නමුත් සමහර විට ඔයා කිසියම් පේමන්ට් එකක් කලින් කරලා තියේ නම් වගේ ( ඉතා සුලු ප්‍රතිශතයක් ) විවිධ ගැටලු වලට මුහුනපාන්න සිද්ද වෙනවා..

ඔන්න ඔය කාරනාවලට ඔයත් මුහුනදෙනවනම් ඒවට විසදුම් තමයි ඔය දුන්නේ.. ඒ වගේම මේ වැඩේ පෝන් එකෙන් කරන්න්නෙත් අර කලින් ලෙසන් වල කියපු අනුපිලිවෙලටමයි. වෙනසකට තියෙන්නේ පෝන් එකේ desktop mood එක ඔන් කරගන්න එක විතරයි…

Q- phone එකෙන් ඩ්‍රොප්ශොපින් කරන එක අමාරුද?
ඔව් .. පෝන් එකේ පොඩි ස්ක්‍රීන් එකක් තියෙන නිසා අයිටම් ලිස්ට් කරන්න ටිකක් විතර අමාරු වෙනවා.. ඒ වගේම අයිටම් search කරන්න වගේ දේවල් වලටත් මේක බලපානවා.නමුත් පෝන් එකෙන් ඩ්‍රොප්ශොපින් කලොත් සස්පෙන්ඩ් වෙනවා කියන එක මිත්‍යාවක්

ඔන්න ඔය කරුණු ටික තමයි අද කතා කලේ… ඊලග ලෙසන් එක aliexpress ගැන දෙන්න හිතුනා.. මොකද ලංකාවේ අය trend එකක් විදියට ali එකෙන් dropshopping කරන නිසා ඒකේ ඔයාම කොහොමද dropshopping seller කෙනෙක් හොයා ගන්නේ කියලා අපි ඊලගට කතා කරමු…අදට ගිහින් එන්නම්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *