Ebay dropshipping වල sell කරන්න කලින් දැනගත යුතු කරුණු

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Ebay dropshipping වල sell කරන්න කලින් දැනගත යුතු කරුණු

හොදයි. අද අපි කතා කරමු ebay dropshipping පටන් ගන්න කලින් අප විසින් අනුගමනය කලයුතු කරුණු කීපයක්…

01.) ඔබ ඔබටම ආවේණික වූ කැටගරියක් තෝරා ගන්න..

මේ තෝරා ගැනීම තමයි ඔයාගේ සේල් ඉක්මන්ට වෙනවද කියන එක තීන්දු කරන්නේ.. එතකොට ඔයාට එන ප්‍රශ්නයක් තමයි මොන කැටගරියටද කරන්න ඕනේ කියලා..ඔයා කැටගරියක් තෝරා ගන්නකොට බලන්න ඕනේ කාරණා කීපයක් තියේ..

  • දල වශයෙන් මිනිස්සුන්ට හැමදාම අවශ්‍ය හා ඕනේ කරන දේ හිතන්න..
  • ඔයා මොනවාටද කැමති අපේ අසල්වැසියෝ නෑදෑයෝ හට මොනවද  අවශ්‍ය කියලා හිතන්න.
  • ඔයා ගන්න කැටගරිය අවුරුද්දට යම් කාලයකදී trend වෙනවාද බලන්න..
  • කැටගරියට  අදාල කීවර්ඩ් මොනවාද බලන්න…
  • ඊබේ එක තුල නොමැති ඔයාට හිතෙන කැටගරියට අදාල දේවල් තියනවාද බලන්න..
  • ඊබේ එක තුල අන්තරාදායක නොවන කැටගරියක් තෝරාගන්න.

Q – අපි මිනිස්සුන්ට අවශ්‍ය දේ බලන්නේ කොහොමද?

අන්න ඒකට තමා අපි ෆේස්බුක් ගිනුමක් නිර්මාණය කලේ..කඩ්ඩ හොදටම පුලුවන් නම් ෆිට් කරගන්න පිටරට අයව.. අහන්න ඒ රටවල් වල ට්‍රෙන්ඩ් එක මොකක්ද? කියලා.. සමහරු නම් උත්තර දෙන්නේ නෑ. ඒත් හොදට ෆිට් උන උන් අනිවාර්‍යයෙන්ම කියනවා..අපි මේවා පිටරට වලට විකුනන නිසා මේ ගැන පූර්ව නිරීක්ෂනයක් අපි කරන්න ඕනේ..

Q- මම ගන්න කැටගරියට අදාල කීවර්ඩ් හෝ කැටගරිය ට්‍රෙන්ඩ් වෙනවාද බලන්නේ කොහොමද?

මේකට තමයි google trends තියෙන්නේ.. ලෝකයේ මිනිස්සු search කරන දේවල් මෙතනින් බලන්න පුලුවන්.. ඔයා ebay කරනවා උනත් google එකේ trend වෙන ගොඩක් දේවල් ebay  එකේ ට්‍රෙන්ඩ් වෙනවා..ඔයාට ebay,ali වගේම ඒ වාගේ trend වෙන ඒවා බලන්නම ආසනම් ඒකටත් paid tool 2 ක් තියනවා.. කැමතිනම් මේ දෙක use කරන්න.. හැබැයි මම මේක නිර්දේශ කරන්නේ නෑ.. මම කියන්නේ free තියන ගූගල් ට්‍රෙන්ඩ්ස් ම පාවිච්චි කරන්න කියලා.. 

මෙන්න  ඒකේ ලින්ක් එක – https://trends.google.com/trends/?geo=US

paid tools දෙක –

  1. https://www.zikanalytics.com/
  2. https://algopix.com/ecosystem/ebay-product-research-tool

ගූගල් ට්‍රෙන්ඩ් එකෙන් නිකන් ඉන්න ගමන් හොද කැටගරි සර්ච් කරලා බලන්න.. රටවල් වල හා ලෝකයේ search volume එක ගැන ඔයාට විශාල අවබෝදයක් ලබාගන්න පුලුවන්..

Q – කැටගරියට අදාල කීවර්ඩ් බලන්නේ කොහොමද?

ඊබේ එකෙන්ම ඔයාට බලන්නත් පුලුවන්.. ඒ වගේම ගූගල් එකේ කැටගරිය ගැහුවාට පස්සේ එන කොටස් වලින් බලන්නත් පුලුවන්..ඒ කියන්නේ ඔයා sport කියලා ගැහුවා කියලා හිතුවොත් ඊලගට ඔයාට එතන පෙන්වනවා ගොඩක් මිනිස්සු සර්ච් කරපු දේවල්..ඒවා තමයි ඉතින් කීවර්ඩ්.. මම මෙතනදි කියන තව ටූල් එකක් තියෙනවා.. ඒකෙන් කීවර්ඩ් රිසර්ච් කරලා දෙනවා.. ඒකේ paid version එක තමයි මම පාවිච්චි කරන්නේ.. ඔයාලා ආරම්භයක් ගන්න  අය නිසා  මේකේ free version එක පාවිච්චි කරන්න.. මේ ටූල් එකෙන් ඊබේ එකේ පාවිච්චි වෙන්නේ මොනවගේ කීවර්ඩ් ද කියලා පෙන්වලා දෙනවා.. මෙන්න මේ ලින්ක් එකෙන් ඒ ටූල් එක බලන්න – https://bit.ly/35eldhp

Q – මොනවාද ඊබේ එක තුල අන්තරාදායක කැටගරි?

අපි ඊබේ ඩ්‍රොප්ශොපින් කරන්නේ ගොඩක් අවහිරතා මැද්දේ.. එහෙම කරන ඔයාගේ account එක සස්පෙන්ඩ් කරගන්න පුලුවන් කැටගරි තමා මේවා.ඒ වගේම තමා අපිට ඊබේ එක තුල විකුනන්න බෑ branded products .. එහෙම විකුනන්න ගිහින් ඉල්ලගෙන කන්න හදන්න එපා.. මොකද අනිවාර්‍යයෙන්ම බ්‍රෑන්ඩඩ් ප්‍රොඩක්ට් එකක් තිබ්බොත් ඔයාගේ account එක සස්පෙන්ඩ් ම තමා.. ඒ නිසා බෑන්ඩඩ් ප්‍රොඩක්ට් විකුනන්න එපා.. මන් වෙනම ලෙසන් එකක් විදියට මේ ගැන දෙන්නම්.. මොනවාද මේ අන්තරාදායක කැටගරි?

ලංකාවේ හෝ තුන්වල පෙලේ රටක ජීවත් වෙන කෙනෙක්ට මේවා විකුනන්න ගි‍යාම සෙල්ස් කරන account 97% විතරම නවත්වනවා.. ඔයා ඊබේ එකේ අවුරුදු 5 ක් වගේ සේල්ස් කරන කෙනෙක් නම් ඔයාට අවස්තාවක් දෙනවා.. මේ කැටගරි වෙන්නේ..

  • sex toys
  • sexy clothes
  • තුවක්කු හා වෙඩිබෙහෙත්
  • වාහන
  • වාහන වල විශාල කොටස්
  • ඩිජිටල් ප්‍රොඩක්ට් (e -book,software,games,movies,teledrama & etc)

මෙතන ඩිජිටල් ප්‍රොඩක්ට් විතරක් අපිට කරන්න පුලුවන් නමුත් අපි විකුනන එක අපිම සල්ලි දීලා තනි අයිතියට අරන් තියෙන්න ඕනේ. ඒ වගේම ඊබේ එකත් එක්ක ඒ බව මුලින් දන්වලා ඉන්න ඕනේ.. අපේ වගේ රටක මුලින්ම මේ විදියට චැට් කරන්න ගියොත් සස්පෙන්ඩ් කරන්න බලනවා වැඩියි.

ඔන්න ඔය ටික ගැන සැලකිලිමත් වෙන්න.. නිතර නිතර ඊබේ එකේ ඉන්න මතකනේ ලොග් වෙන්න ඕනේ browser එකේ privet මූඩ් දාලා.. මේක ඔයාගේ බිස්නස් එක නිසා ඔයා මහන්සි වෙන්න ඕනේ.. මේ කියලා දෙන හැමදෙයක්ම ඔයාලා වෙනුවෙන්.. මම කරන්නේ මගේ ආසාව හා මන් දන්න දේ ඔයාලට දෙන්න තියන කැමැත්ත වෙනුවෙන්.. එහෙනම් හරියට වැඩේ බලලා කරන්න.. 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *