Ebay dropshipping වලට ali express එකෙන් අයිටම් හොයන ආකාරය

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Ebay dropshipping වලට ali express එකෙන් අයිටම් හොයන ආකාරය

Ebay dropshipping

හොදයි අද ලෙසන් එක අපි කොහොමද Ebay dropshipping ට්‍රෙන්ඩින් අයිටම් එකක් තෝරගන්නේ කියන එක. පලවෙනි අයිටම් 5-10 වගේ ලංකාවේ අයිටම් දාලා ඩිරෙක්ට් ශිපින් කරන්න.. ඊට පස්සේ තමා එයාලා ඩ්‍රොප්ශොපින් වලට එන්න ඕනේ.. ඉතින් අද කතා කරනදේ හැමෝටම වැදගත් වෙනවා..මම මේක Q & A විදියට දෙන්න බලාපොරොත්තු වෙනවා..
Q – Trending items හොයන්නේ කොහොමද?
මෙහෙමයි.. මේක කාරණා කීපයක් මත පවතිනවා.. එකක් තමා ඊබේ එකේ සෙල් වෙන තරගකාරි අයිටම් එකක් නම් ඒක අනිවාර්‍යයෙන්ම trending එනවා.. ඒ වගේම කිසිම ට්‍රෙන්ඩ් එකක් නැතුව තියෙන එක් කාලයකදී ට්‍රෙන්ඩ් වෙන අයිටමුත් තියෙනවා..එහෙම ඒවා එන කාල පිලිබදව ඔයා දැනගෙන ඉන්න ඕනේ.. ඒකියන්නේ මේ දවස් වල ට්‍රෙන්ඩ් එකට එන සීසන් එක නත්තල්..එතකොට ඩෙකරේශන් නත්තල් ඩිසයින් වගේ දේවල් තමා ට්‍රෙන්ඩින් එන්නේ.. ඒ වගේම අවුරුදු කාලෙට ඒ ඒ අයිටම් ට්‍රෙන්ඩින් වෙනවා.. අන්න ඒ වගේ තමා මේකත්.. ඊලග කාරනේ තමයි ඔයා හොදට අයිටම් රිසර්ච් කරලා තියෙන එක.. ඔයා ට්‍රෙන්ඩින් අයිටම් එකක් හොයා ගන්න වෙන මහන්සියත් එක්ක නිකන්ම අත්දැකීම් එනවා.. ඒ අත්දැකීම ඔයාගේ බිස්නස් එකේ සාර්ථකත්වයට බලපානවා..

Q – ට්‍රෙන්ඩින් අයිටම් එකක් සර්ච් කරන ක්‍රමය මොකක්ද? ( ebay එකට දාන්න ali එකෙන් )
මේ කියලා දෙන ක්‍රමය ඇතුලේ විවිද ටූල් කීපයක් පාවිච්චි වෙනවා..මුලින්ම ඔයා බලන්න ඕනේ ඊබේ එකේ මේ දවස්වල වැඩිපුරම විකිනෙන බඩු මොනවද කියලා.. ඒක බලන්න පුලුවන් https://www.ebay.com/deals/trending/all මෙන්න මේ ලින්ක් එකෙන් ගියාම..ඒ වගේම හැමවෙලේම ඔයා බයර් කෙනෙක් විදියට හිතන්න බලන්න අයිටම් දිහා.. අපි මොනා හරි අයිටම් එකක් ගන්න යනවා නම් ඒකේ වටිනාකම තත්වය හා සෙලර්ගේ ඩීටේල් බලනවා.. ඉතින් ඔයා බයර් කෙනෙක් විදියට මේ කාලෙට මොනවද ඕනේ කියන එක හිතන්න..
ඊලගට තමයි මම කියන ටූල් දෙක පාවිච්චි කරන්න පුලුවන්..මේක ali express වලට තමා පාවිච්චි වෙන්නේ.. මේක ක්‍රෝම් එකේ පාවිච්චි කරන්න..( ඔයාගේ අලී account එක google chorme එකේ නැත්තම් ඒකට දාගන්න) මේක extention එකක්.. හොදයි google chrome එකට යන්න.ඊට පස්සේ asify කියලා සර්ච් කරලා ඒ එන extention එක ඔයාගේ chorme එකට දාගන්න..කිව්ව දේ තේරුනේ නැත්තම් මේ ලින්ක් එකෙන් ගිහින් add to chrome දෙන්න.. https://chrome.google.com/webstore/detail/asify/biehagnkgckkagkbpncoieiknahmngdg?hl=en
දැන් ඔයා google chrome එකෙන් අලී එකට ලොග් වෙලා බලන්න.. ඔයාට බලාගන්න පුලුවන් search කරන හැම අයිටම් එකක්ම සේල්ස් වෙලා තියෙන විදිය.. හා ඒ අයිටම් එකේ කීවර්ඩ් එහෙමත් බලාගන්න පුලුවන්..මේකෙන් ඔයාට දල අදහසක් අරගන්න පුලුවන්..
ඔයාට මේකෙ item title එකේ තියන කීවර්ඩ් බලගන්න පුලුවන්..මේවා 100% ශුවර් කරන්න බෑ.. මම නම් පාවිච්චි කරන්නේ hypersuggest paid version එක.. ඒකෙන් ගොඩක් දේ දැනගන්න පුලුවන්. අලුත් අය මේකේ free version එක පාවිච්චි කරන්න.. කැමති කෙනෙක් පෙයිඩ් එකත් අරන් බලන්න..(පරණ අයට හා අයිටම් ලිස්ට් කරලත් සෙල් වෙන්නේ නැති අයට හොද ඔප්ශන් එකක්) ලින්ක් එක උඩ පෝස්ට් වලත් තියේ ඔන්නම් මම යටින් දාන්නම්..
ඊලග කාරණේ තමයි ඔයා අයිටම් එකක් හොයා ගත්තට බෑ ඒක හරියට ලිස්ට් කරන්න ඕනේ.. ඒ කියන්නේ ඔයා හැම වෙලේම අයිටම් keyword,title හා discription බලන්න ඕනේ.. නැතිනම් කොච්චර හොද ප්‍රඩක්ට් එකක් උනත් ඒක සෙල් වෙන්නේ නැතිව යනවා..ඒ නිසා ටයිටල් හරියට දාන්න ඕනේ.. ඒකට මෙන්න මේ extention එක පාවිච්චි කරන්න..
https://chrome.google.com/webstore/detail/find-hot-product-and-keyw/lgdgnbneilgfnleamjohjimadmjgjfdg?hl=en
ඔය දීලා තියන ටූල් වලින් වැඩක් ගන්න.. ඔන්න ඔය ටික තමා අද කතා කරන්නේ.එහෙනම් ඊලග ලෙසන් එකෙන් හම්බෙමු..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *