Ebay dropshipping පටන් ගන්න කලින් product buy කරමු.

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Ebay dropshipping පටන් ගන්න කලින් product buy කරමු.

හොදයි..මේකෙදි කතා කරන්නේ ebay එකෙන් product ගන්න එක ගැන. ඒකෙදි ඔයා සැලකිලිමත් විය යුතු කරුණු ගැන කීපයක් තියෙනවා..

ගොඩක් මිල අඩු product එකක් ගන්න.( 0.99$) සල්ලි තියේ නම් ගත්තට කමක් නෑ.

  • හොදට ෆීඩ් බැක් තියෙන සෙලර්ස්ලාගෙන් ගන්න  බලන්න..
  • එක දවසේ ඔක්කොම ගන්න එපා..
  • එකම ප්‍රොඩක්ට් එක කරන සෙලර්ස් ලා  ඔයාගේ wich list එකට දාගන්න.. හොදම කෙනෙක්ගෙන් ප්‍රොඩක්ට් එක ගන්න
  • එකම කෙනෙක්ගෙන්  ප්‍රොඩක්ට් ඔක්කොම ගන්න එපා… මොකද එතකොට හම්බෙන්නේ එක ෆීඩ් බැක් එකයි.
  • නිතර නිතර ප්‍රොඩක්ට් search කරන්න..
  • bid තියෙන ඒවා හොදට බලලා බිඩ් කලත් කමක් නෑ. මන් කියන්නේ ලොකු ගනන් වල ඒවා නෙවේ පොඩි ගනන් වල ඒවා 0.01$ වගේ. මේකේදි bid එකේ shipping charge හොදට බලන්න.shipping charge එක free ඒවා විතරයි බිඩ් කරන්න ඕනේ..
  • සති දෙක ඇතුලත අයිටම් බයි කරන්න එකම දවසේ ඔක්කොම ගන්න එපා. මේක කරන්නේ ebay එකට පේන්න..නිතර ලොග් වෙලා wich list දාන්න බලන්න හොද ප්‍රොඩක්ට් . 

Q- wich list දාන්නේ කොහොමද?  

මේක දාන්නේ product එක බයි කරන තැන යට තියෙන watch list,wich list කියන එකෙන්.. ඒකෙන් වෙන්නේ මේක මං පසුවට ගන්න බලාපොරොත්තු වෙනවා කියන එක..ඉතින් ඔයා ebay එකේ ටිකක් ඇක්ටිව් ඉන්නවා කියලා පෙන්වනවා ඒකෙන්..

Q- product අරන් buyer  feeback back කීයක්  වගේ ගන්න ඕනද?

5 ක් වගේ තිබුනොත් හොදයි. මෙහෙම කිව්වම 4,3 න් දාලා හරිගිය අය ඉන්නවනේ කියලා හිතෙන්න පුලුවන් ඔව් එහෙම වෙන්න පුලුවන්..ඒ ඒ අයගේ වාසනාව වෙන්නත් පුලුවන්.ඒ වගේම feedback 5 up උන ගමන් හිතන්න එපා ආයි සස්පෙන්ඩ් වෙන්නේ නෑ කියලා. Feedback ගනන වැදගත් වෙන්නේ අපේ ස්ටෝර් එක buyer ට කොච්චර හොදට සලකනවාද කියන මිනුම් දන්ඩට..මොකද feedback 130 කටත් වඩා ගත්ත කෙනෙක් සස්පෙන්ඩ් උනා. ඒ වෙන වැරදිනිසා..

විශේෂයි- buyer feedback හැම සෙලර් කෙනෙක්ම දෙන්නේ නැති වෙන්නත් පුලුවන්..එතකොට feed back ඉල්ලලා නහයෙන් අඩන්න එපා.. එයා product එක ශිප් කරන්න දෙන්න.දවස් 3 වගේ බලලාfeedback දුන්නේ නැත්තම්   ශිප් කලාට තෑන්ක්ස් කරලා  මැසේජ් එකක් යවන්න. මිනිහා හොද ජෙනුයින් නම් අනිවා buyer feedback දෙනවා..අනිත් දේ තමයි ගන්න හැම කෙනාටම එකම මැසේජ් එක යවන්න එපා.. පොඩ්ඩක් වෙනස් කරලා යවන්න . 

Q- තෑන්ක්ස් කරලා මැසේජ් එකක් ගහන්න english බෑනේ මොකද කරන්නේ? 

අන්න් ඒකට තමා මේ සයිට් helakuru.lk සයිට් එක තියෙන්නේ. මේකෙ ඔයාට ඕන දේ  singlish විදියට ටයිප් කලාම සිංහල වදිනවා.. ඒක copy කරන් google translate  එකෙන්  english වලට traslate කරගන්න.. එක එක විදියට යවන්න.. ඒක ඔයාගේ නිර්මාණශීලි ගතිය…

ඔන්න ඔය ටික අනුගමනය කරන්න .. මේ දවස් ටිකේ ප්‍රොඩක්ට් හරියට රිසර්ච් කරන්න..මිනිසුන්ට ඕනේ මොනවාද කියලා හිතන්න.. ඊබේ එකට ලොග් වෙන හැම වෙලේම pc එකේ brave privet mood use කරන්න. ඒවගේම paypal එකට ලොග් වෙනකොටත් ඒ විදියටම කරන්න. වෙන වෙන තැන්වලින් ලොග් වෙලා කෙලෝ ගන්න එපා.. mobile එකෙන් කරන කවුරුහරි නම් ebay app,paypal app use කරන්න එපා.. කිසිම දේකට …ඒකටත් අර කිව්ව brave browser  ඇප් එක පාවිච්චි කරන්න..

සස්පෙන්ඩ් එක අවම කරගන්න ජෙනුයින් වෙන්න ඕනේ.. කිසිම දේකට හදිස්සි වෙන්න එපා. මේක එක දවසින් කරන්න බෑ. එහෙම කියලා මේකෙන් සල්ලි හොයන්න බැරිත් නෑ.. 

ඊලග ලෙසන් එකට කලින් මේ වැඩේට account හදලා සෙල් කරලා suspend🙃  වෙච්ච අයට ගයිඩ් එකක් දෙනවා. ඒක special guide එකක්.. ඒක හැමෝටම දෙනවා. අලුතෙන් පටන් ගන්න අයටත් වැදගත් වෙනවා. ඒකෙනුත් දෙයක් ගන්න. මේ සර්විස් එක නිකන් දෙන්නේ අපේ රට දුප්පත් නිසා.. ඒකේ ප්‍රයෝජනේ ගන්න..දන්න කෙනෙක්වත් guide කරන්න.එහෙනම් අපි ගියා! ඊලග guide එකෙන් හම්බෙමු..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *