Ebay dropshipping අයිටම් හරියට list කරමු

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

Ebay dropshipping අයිටම් හරියට list කරමු

ebay shopping

හොදයි.. මේ ලෙසන් එකේදී අයිටම් එකක් ලිස්ට් කරන ආකාරය පිලිබදව පැහැදිලි කරනවා.. Ebay dropshipping අයිටම් එකක් ලිස්ට් කරනකොට ඔයා අනිවාර්‍යයෙන්ම දැනගත යුතු කාරණා කීපයක් තියෙනවා..අපි ඩ්‍රොප්ශොපින් කරන්නේ රහසිගතව නිසා ඔයා ලිස්ට් කරන පලවෙනි අයිටම් 5 – 10 වගේ ලංකාවෙන් ශිප් කරන්න ඕනේ.. කෙලින්ම චයිනා දැම්මොත් වැඩේ අවුල් යන්න හේතුවෙනවා.. ඒ නිසා ඔයා ලංකාවේ ඉදන් අයිටම් ශිප් කරන්න ඕනේ මුලදි.. මේ වැඩේ කරන්නේ ඔයා ඇත්තටම සෙලර් කෙනෙක් කියලා පෙන්වන්න.
ඉතින් ඩ්‍රොප්ශොපින් කරන්න කලින් අනිවාර්‍යයෙන්ම මේ වැඩේ කරන්න ඕනේ.. ඒ කියන්නේ ඔයා ලංකාවේ අයිටම් තමා සෙල් කරන්න ඕනේ.. මුලින්ම මේ දේ නොකර චයිනා අයිටම් ලිස්ට් කලොත් නම් 98% කෙලවෙනවා ශුවර්.. 2% කෙල වෙන්නේ නෑ කියලා හිතුවත්.. ඊලග ලිස්ටින් එකේදි හරි කෙලවෙනවා.. ඊබේ එකේ කිසිම සෙලර් කෙනෙක්ට ඩ්‍රොප්ශොපින් කරන්න ඉඩ දෙන්නේ නෑ.. එයාලට ඕනේ ජෙනුයින් සෙලර්ලා ඒ නිසා ඔයා අනිවාර්‍යයෙන් මේ අයිටම් ටික ලිස්ට් කරන්න ඕනේ..
Q – ඔයා ඔහොම කිව්වට අපි අයිටම් ලිස්ට් කරන්න හොයා ගන්නේ කොහොමද?
ගොඩක් අයට තියන ප්‍රශ්නේ තමා මේක.. ඔයා භාන්ඩ විකුනන්න උත්සහා කරන කැටගරියට අදාල භාන්ඩ ඔයාටම ලිස්ට් කරන්න පුලුවන්, ඒවා ඩරාස් එකෙන් අලි එකෙන් හෝ ඕනෑම වෙබ් එකකින් අරන් ඔයාම පොටෝ ගහලා මේ ලිස්ට් කිරීම කරන්න ඕනේ.. මේ විදියට ලිස්ට් කරන්න නම් අඩුම ඔයාගේ ලග ෆීඩ්බැක් 5 වත් තියේනම් හොදයි.. ඔයා ලිස්ට් කරන පලවෙනි භාන්ඩේ බිඩ් එකක් විදියට දාන්න ඕනේ ඒ විදියට බිඩ් එකක් දාන්න ප්‍රොඩක්ට් ගන්න. වැඩේ හරියට කරන්න.. මොකද ඩ්‍රොප්ශොපින් වල මූලික ආරම්භය මේක නිසා.

Q – ඉස්සෙල්ලාම දාන බිඩ් එක දාද්දී මොනවද කරන්න ඕනේ ?
මෙන්න මේක වැදගත්.. ඔයා මේ බිස්නස් එක කරද්දි අනිවාර්‍යයෙන්ම ඔයා වටා පිරිසක් හදාගන්න තරමට තමයි ඊලගට සෙල්ස් එන්නේ.. ඒ නිසා පලවෙනි බිඩ් එක ඔයා දාන්න ඕනේත් පාඩු පිට.. ඒ කියන්නේ 0.99$ අයිටම් එක් ඔයා බිඩ් එකට දාද්දි දාන්න ඕනේ 0.59$ වගේ.. මෙතනදී පාඩුවක් උනාට ඔයා වටා ලොකු ට්‍රැෆික් එකක් එ මගින් ගොඩ නැගෙනවා.. ඒ වගේම ඒකෙන් ඊබේ එකේ බයර්ලා බිඩ් කරන්න තියන අවස්ථාව වැඩියි..ඒ නිසා පලවෙනි බිඩ් එක අඩු මුදලකට දාන්න.. නැතිනම් ඔයාගේ බිඩ් සෙල් වෙන්න තියන ඉඩ අඩුයි.. මම මේක කිව්වේ සාමාන්‍ය විදියට තරගයක් තියන කැටගරියකට අදාලව නම් පලවෙනි සෙල් එකේ ඉදන්ම ලාභගන්නත් පුලුවන්..
ඔයා බිඩ් එක දානවා නම් දවස් 3-5 වගේ පරාසයේ දාන්න.. එතකොට ලොකු ට්‍රැෆික් එකක් නිර්මානය වෙනවා…

බිඩ් එකක් දාන්නේ කොහොමද කියන එක උඩ දාලා තියන pdf එකේ තියෙනවා.. ඒක බලන්න..ඒ වගේම පලවෙනි ලිස්ටින් එකත් කරන හැටි වීඩීයෝ එකකින් දාලා තියෙනවා.. ඒකත් බලලා වැඩේ පටන් ගන්න.. පලවෙනි අයිටම් 5-10 අතර ඔයා ශ්‍රී ලංකාවේ ඉදන් යවන්න ඕනේ..ඊලගට ලොකේශන් මාරු කරලා අයිටම් ලිස්ට් කරමු.. ඒ ගැන පස්සේ කතා වෙමූ..
පලවෙනි ලිස්ටින් එක කරන හැටි –

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *