dropshopping වලට සෙලර් කෙනෙක් හොයන්නේ කොහොමද?

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

dropshopping වලට සෙලර් කෙනෙක් හොයන්නේ කොහොමද?

හොදයි අද කතා කරන්නේ ඔයාලා amazon එකෙන් හරි aliexpress එකෙන් හරි කොහොමද සෙලර් කෙනෙක් dropshopping කරන්න කතා කරගන්නේ කියන එක ගැන.. මේකේදි ඔයා හැම වෙලේම තෝරගන්න භාන්ඩය සෙල් කරන කීපදෙනෙක් සිටිනවා නම් ඒ හැම කෙනෙක්වම contact කරලා තියා ගන්න එක වටිනවා.. ගොඩ දෙනෙක් ඉන්නවා නම් 3 දෙනෙක් වත්..ඒ විදියට සෙලර් කෙනෙක්ව ඩ්‍රොප්ශොපින් වැඩේට කතා කරගන්නේ කොහොමද? අන්න ඒක ගැන අද අපි බලමු..

  1. ඉස්සරලම ඒ seller මනුස්සයෙක් නිසා Hi කියල හරි welcome කියල හරි ආමන්ත්‍රණය කරන්න
  2. මම මේ item එක මගේ personal website එකක dropship කරාට කමක් නැද්ද? (මේකට එපා කිව්වොත් වැඩේ අතැරලා දාන්න තේරුමක් නෑ. උමයි report ගහන්නේ) අනික තමා ඒක ebay කියල වැඩේ නාගන්න එපා. එක violation එකක්.
  3. මේ item එක worldwide ship කරනවද අහන්න. එහෙම කරන්නේ නැති රටවල් තියනවනම් ලිස්ට් එකක් එවන්න කියන්න.
  4. ඒ යවන හැම රටකටම tracking number දෙනවද දවස් කියකින්ද tracking දෙන්නේ අහන්න. ඒ number scan වෙන website එකත් ඉල්ලගන්න.
  5. Tracking වලට cross marks දාල තියන ඒවටත් ඔයා tracking දෙනවද අහන්න.
  6. Seller Shipping method එකෙන් කියන්නේ මොකද්ද අහන්න.
  7. Ali express Standard shipping method එකෙන් ඔයා යවද්දී Ali express sticker badge එහෙම ගහනවද ? එහෙම ගහනවානම් මගේ items වල ඒවා නැතුව යවන්න පුලුවන්ද? අහන්න
  8. මේ item එකේ ඔය ළඟ කොච්චර ප්‍රමාණයක් තියනවද ?
  9. මේ item එකේ ඇත්තම photo එහෙම තියනවනම් මට එවන්න පුලුවන්ද ?
  10. ඔන්න වැදගත්ම එක. “ මේ ඔයාලග තියන hot selling products තියනවනම් මටත් දෙනවද?”
  11. මම කැමති ඔයා එක්ක දිර්ගකාලිනව වැඩ කරනවානම් මට discount එකක් දෙන්න පුලුවන්ද?

ඔන්න ඔය කියපු ප්‍රශ්න වලට එයා දවසක් ඇතුලත පොසිටිව් උත්ත‍රයක් දෙනවා නම් එයා ඔයාගේ බිස්නස් එකේ සැගවුනු අමුත්තා වගේ වෙනවා.. ඉතින් දවස් 2-3 වගේ ගන්නවා නම් ඔයා තව ටිකක් එයා ගැන හිතන්න ඕනි. මොකද හදිස්සියේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එයා උත්තර දෙන්නේ දවස් 2 -3 ගියාම කියලා හිතන්න පුලුවන්.. ඒ නිසා active seller කෙනෙක් මේ වැඩේට සම්බන්ද කරගන්න..

මම හිතනවා මේ වැඩේ මුල ඉදලම කරන සෙට් එක මේ වෙද්දි ෆීඩ් බැක් 2-3 වගේ වත් අරන් ඇති කියලා.. මේක ඔයාගේ බිස්නස් එක.. මම මේක ගොඩ නගන්නේ ebay dropshopping වලට විතරක් නෙවෙයි.. 30000,25000 දීලා යන කෝස් වලවත් ඔය විදියට ගයිඩ් කරන්නේ නෑ.. ඒ නිසා දවසක ඔයා ඔයාගෙම වෙබ් අඩවියක සෙල් කරද්දිත් මේ සෙලර්ස්ලා ගොඩක් වැදගත් වෙනවා..ඒක නිසා අද මහන්සි වෙලා මේ දේ ඉගෙන ගන්න.. මම සල්ලි ගන්නේ නැත්තේ මට සල්ලි වලට වඩා මනුස්සකම වටින නිසා.. නමුත් මේ දෙන දැනුම ඔයාලට සෑහෙන්න වටිවී. අදට ගිහින් එන්නම්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *