දන්න සිංහලෙන් fiverr ගැන හැමදේම ( fiverr – 01)

ඔන්න ඉතින් අද කතා කරන්නේ ලෝකයේ freelancer web site අතර ප්රමුඛත්වයක් ගන්න වෙබ් සයිට් එකක් ගැන.මේක ඇත්තටම කිසියම් වැඩක් කරලා දීලා ඒකෙන් මුදලක් උපයා දෙනවා වගේ වැඩක්. ඉතින් ෆයිවර් ගැන අපි ටිකක් පුලුල්ව කතා කරමු.
fiverr කියලා කියන්නේ ලෝකයේ දැනට තියෙන ප්රකට freelancer online marketplace එකක්.මේක ඇතුලේ ඔයාට විවිදාකාර වූ සේවාවන් ලබා ගැනීමේ හා විකිනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වාගේම මේකට කිසිදු වයස් බේදයක් නැතිව කරන්න පුලුවන් හැකියාව ලැබිලා තියෙනවා.
ලෝකයේ ඔයා දැකලා තියෙනවා ebay,amazon ,aliexpress වගේ flatform වල දවසකට විශාල ප්රමාණයක් සේල්ස් වෙනවා. ඒ වගේම service දෙන්න නිර්මාණය කරපු එකක් තමා fiverr කියලා කියන්නේ. 2010 දී ඉතා කුඩා මුදලකට ලොකු සේවාවන් ලබාදිය හැකි ආකාරයට නිර්මාණය වුනු fiverr අද වන විට විශාල ගනනින් මුදල් උපයන්න පුලුවන් සුපිරිම flatform එකක් වෙලා තියෙනවා. ඒවගේම අතිවිශාල සේවාලභීන් ප්රමාණයක් සිටින දැවැන්ත වෙබ් අඩවියක් වෙලා තියෙනවා.
ඇයි fiverr එකෙන් මුදල් උපයන එක පහසු වෙන්නේ?
fiverr කියලා කියන්නේ කිසිම අමාරුවක් නැතිව මුදල් උපයන්න පුලුවන් වෙන වෙබ් අඩවියක්. මේකේදි ඔයාට ඉතා හොද දක්ශතාවයක් තියේ නම් ඒ හරහා මුදල් උපයන්න පුලුවන් අති විශාල අන්දමින්.
fiverr එකේ එක සේල්ස් එකක් ඩොලර් 5 ඉදන් තමයි පටන් ගන්නේ.. ඒ නිසා ගොඩ දෙනෙක් මේ හරහා සර්විස් ලබාගන්න එනවා. අන්න ඒක නිසා ඔයාට මේ හරහා අතිවිශාල ගැනුම් ප්රමාණයක් දවසක් තුල ලබා ගන්න පුලුවන් හැකියාව ලැබෙනවා. ඒ තුලින් මාසිකව විශාල මුදලක් උපයාගන්න පුලුවන් හැකියාව ලැබෙනවා.
ඉහල මට්ටමේ වෙබ් අඩවියකින් project එකක් කරනවට වඩා අඩු වියදමකින් ෆයිවර් එක තුල සේල්ස් කරන්න පුලුවන්. fiverr කියන්නේ cheap online marketplace එකක්. අන්න ඒ නිසා තමයි මේක මේ දුරටත් සාර්ථක වෙලා තියෙන්නේ.
ෆයිවර් එකට එන ගැනුම් කරුවෝ ගොඩක් එන්නේ තමාගේ බිස්නස් එකට අදාල එක එක කොටස් එක් එක් ායට බෙදා දීලා වැඩේ කරගන්න. අන්න එතනදී ඔයාට පුලුවන් නම් එතන තියන වැඩ ගොඩක් තනියෙන් කරන්න ඔයාට හැකියාව ලැබෙනවා විශාල මුදලක් එක පාර උපයා ගන්න.
fiverr හරහා උපයන මුදල් ඉතා පහසුවෙන් අපිට කිසිස්දු ප්රශනය්ක් නතිව ලබාගන්න පුලුවන් පහසුකම ලැබිලා තියෙනවා. අන්න ඒක නිසා ඔයාට මේ තුල විශාල වශයෙන් මුදල් උපයන්න පුලුවන් අවස්ථාව ලැබෙනවා වගේම ඒවා පහසුවෙන් ලබාගන්න පුලුවන්. ඒකියන්නේ මේ එන මුදල් අපි ලබාගන්නේ payoneer හරහා ඒ නිසා මේක paypal වගේ වදයක් නොවී කරගන්න පුලුවන්. ඒකත් ලොකු වාසියක් වෙනවා.
මෙතනදී ඔයා මේ වෙබ් සයිට් එකෙන් කොච්චර earn කරනවද කියන එක තීරණය වෙන්නෙ ඔයාගේ මහන්සිය කැපවීම හා ඔයාගේ දක්ශතාවයත් එක්ක. ඔයා මේකෙන් කැපවීමෙන් වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුලුවන් කිසිම අවුලක් නැතුව මාසෙකට ලක්ශයකට වඩා වැඩි ආදායමක් උපයන්න.
ඔන්න ඔය විදියට තමයි ඉතින් ෆයිවර් පටන් ගන්න ඉස්සෙල්ලා මේකේ තියන දේ ගැන පැහැදිලි කලේ. ඔයා මොකද හිතන්නේ මේ fiverr එක ගැන. ඒ වගේම මේකේ වැඩ කරන අයත් පල්ලෙහායින් comment එකක් දාගෙන යමු. ඊලගට මේ වැඩේ සාර්ථකව කරන හැටි පියවරෙන් පියවර මන් කියා දෙන්නම්.
ඔබ fiverr ගැන තවත් ඉගෙනීමට කැමතිද? පහත ලිපි කෙරේ අවදානය යොමු කරන්න
Fiverr ගිග් ගැලරිය තැනීම සඳහා උපදෙස්.
Fiverr මත ඉහළ ඉල්ලුමක් ඇති Gigs – Fiverr 2021 හි වැඩිපුරම අලෙවි වන Gigs
Fiverr සඳහා හොඳම ගිග් විස්තරය ලියන ආකාරය – නියැදි සහ ආකෘති
Fiverr Gig SEO Guide – Fiverr හි වඩාත්ම ජනප්රිය ගිග්ස් සාදන්න
5 Responses
Digatama me wage dewal karan yanna best of luck bro
thank you so much
නියමයි
Good .how can we learn
dala thiyana post tika balanna bro