ඩ්‍ර්‍රොප්ශිපින් ඇතුලු අන්තර්ජාල ව්‍යාපාරයන් සදහා පේපෑල් ගිණුමක් හරියට හදමු. (දෙවන කොටස)

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

ඩ්‍ර්‍රොප්ශිපින් ඇතුලු අන්තර්ජාල ව්‍යාපාරයන් සදහා පේපෑල් ගිණුමක් හරියට හදමු. (දෙවන කොටස)

හොදයි.. අද කතා කරමු පේපෑල් එකට කාඩ් එකක් verify  කරන්නේ කොහොමද කියලා…මන් මේක Q& A විදියට අරන් යනවා..

1. අපි ලග මොන ජාතියේ මොන බැංකුවේ කාඩ් එකක්ද මේ වැඩේට ඕනේ.? 

මම කියන්නේ නම් ඩෙබිට් කාඩ් එකක් ගන්න.ඒකින්නේ visa ඩෙබිට් කාඩ් එකක් ගන්න.. ඔයාට මේවා ලබාගන්න පුලුවන් හොදම තැන කොමර්ෂල් බැංකුව..ඒකේ සර්විස් එක හොදයි.. ඒ වගේම මේ වෙද්දි සම්පත් බැංකුව,HNB බැංකුව ත් මේ වැඩේට රෙඩි කියලා දැනුවත් උනා. නමුත් සම්පත් බැංකුවේ නම් verify  කරන කෝඩ් එක බැංකුවට ගිහින් ගන්න ඕනේ..  මේ වෙද්දි ඔන්ලයින් බැංකු ගත කිරීමත් එක්ක boc හා මහජන බැංකුවලත් debit කාර්ඩ් මේ විදියට ලබා ගන්න පුලුවන්..නමුත් මේ වගේ සර්විස් එක ගැන නම් දන්නේ නෑ..

2. කාර්ඩ් එක ගත්තට පස්සේ මොකද කරන්නේ?

උඩ දුන්නු pdf එකේ අන්තිම ටික බලන්න.. ඒකේ තියන විදියට කාර්ඩ් එක verify  කරන්න ඕනේ.. ඔයා හදන පේපෑල් එකේ… ඒකේ verify  code  එක ගන්න ඔයා කාඩ් එක ගත්ත බැංකුවේ හොට් ලයින් නම්බර් එකට කතා කරන්න..

3 . හොට් ලයින් නම්බර් එක කොහෙද තියෙන්නේ?

ඩෙබිට් කාඩ් එකේ කවරේ හරි,කාඩ් එකේ හරි අනිවාර්‍යයෙන්ම තියනවා, එහෙම බලා ගන්න බැරි උනොත් google එකේ search කරලා බලන්න..

4. කාර්ඩ් එක verify  කරනකොට අහන්නේ මොනවද? 

මේටික අහන්නේ com bank එකේ. අනිත්වානම් කොහොමද දන්නේ නෑ. මීට වඩා දේවල් අහන්න පුලුවන් අනිත්වගෙනම්.. ඔයාගේ නම,ස්ථීර ලිපිනය ,උපන්දිනය,කාර්ඩ් එක ගත්ත branch එක වගේ දේවල් අහනවා. ඒ වගේම කාර්ඩ් එකේ අවසාන අංක 4 අහනවා..ඊට අමතරව උන්ට සැකයි වගේ හිතුනොත් කාර්ඩ් එකේ වලංගු කාලේ csv කෝර්ඩ් එක  අහනවා. ඒ කියන්නේ ඉලක්කම් 3 පිටිපස්සේ තියන කෝඩ් එක..

5. ඊට පස්සේ මොකද වෙන්නේ?

උඩ කිව්ව ටික ඇහුවට පස්සේ  ඔයාට අංක 4 ක් හො ඊට වැඩි කෝඩ් එකක් දෙනවා ඒක දාලා verify  කරගන්න.

6. මේ වැඩේට කාර්ඩ් එකේ සල්ලි තියෙන්න ඕනද? 

ඔව්. රුපියල් 300 හෝ ඊට වැඩියෙන් තියේ නම් හොදයි. මොකද කාර්ඩ් එක හරියට verify  උනාම 100PHP කපා ගත්තා කියනවා.. සාමාන්‍යයෙන් 210 වගේ කැපෙනවා මතක හැටියට පිලිපීන එකේ..

කාර්ඩ් එක verify  උනාම paypal එකේ මේල් එකට කාර්ඩ් එක verify  කියලා මේල් එකක් එයි. අන්න ඊට පස්සේ වැඩේ හරි.

7.පේපෑල් කාර්ඩ් එක පස්සේ verify  කරන්න බැරිද?

ඔන්න ඔය හදිස්සිය තමා ඔක්කොටම මුල. පේපෑල් එක verify  කරන්න ඕනේ ඊට පස්සේ තමා ebay පටන් ගන්න ඕනේ.නැත්තම් පස්සේ ඔයාගෙන ලොකු fee එකක් කැපෙන්න පුලුවන්.

8. Ebay කරද්දි දවස් 21 පේපෑල් හෝල්ඩ් වෙනවා කියන්නේ ඇත්තද? 

ඔව්. ඔයා පලවෙනියටම ප්‍රාග්ධනය යොදවන්න ඕනේ.ඊට පස්සේ තමයි තමයි සල්ලි ගන්න පුලුවන්. මුලින් දවස් 60-90 වගේ කාලයක් යනකන් දිගටම මේ වැඩේ වෙනවා. ඒ කියන්නේ අද හම්බෙන සල්ලි ගන්න වෙන්නේ තව සති 3 කින්. දවස් 90 ( මාස 3 ) පැන්නට පස්සේ පේපෑල් එක ඔයාගේ තියන හෝල්ඩ් එක නැති කරනවා. ඒ කියන්නේ ඔයා දැන් පේපෑල් එකේ නිත්‍ය සාමාජිකයෙක්🤗 

9. පේපෑල් ලිමිට් වෙන්න හේතු මොනවද?

ඔව් හේතු කීපයක් තියේ මීට අමතරව දේවල් තියෙන්නත් පුලුවන්. මොකද මේක අන්තර්ජාල බැංකුවක් නේ..කාලෙන් කාලෙට වෙනස් වෙනවා..

* එක එක වෙලාවට ලොකේශන් change කරන්න යාම

* නිතර පහේ ලොග් වීම

* පෝන් එකෙන් හා pc එකෙන් යන දෙකෙන්ම ලොග් වීම

* ලොකු මුදලක් කෙටි කලක් තුල ඉපයීම

* ip address කීපයකින් ලොග් වීම..

*විවිධ වෙනත් ෆේක් සයිට් වලට පේපෑල් ඇඩ් කිරීම

විශේශයෙන් දෙයක් කියන්න ඕනේ. මේක ගොඩක් අය තාමත් කරන වැරැද්දක් ඒ තමයි.. පෝන් එකේ ඇප් එකෙන් මේකට ලොග් වෙන එක. අන්න ඒක නම් කරන්න එපා. ඔයාට පෝන් එකෙන් ලොග් වෙන්න ඕනේ නම් pc එකට යන connection  එකෙන්ම paypal එකට ලොග් වෙන්න.. පෝන් එකේ ඇප් එකෙන් නම් ලොග් වෙන්නම එපා. ලොග් වෙලා ලිමිට් වෙනවට කලින් තමයි මේ කියන්නේ..

.ඒ වගේම මාසෙකට උපරිම පේපෑල් එකට 2 පාරක් 3 පාරක් වගේ ලොග් වෙන්න බලන්න.. සල්ලි නැතුව බලන් හිටියා කියලා සල්ලි උනන්නේ නෑනේ… ඒ නිසා යන්න එපා වැඩිය.

ඔන්න එහෙනම් පලමු පියවර හරි. ඊලගට ebay හදන විදියත් එක්ක හම්බෙමු. රාවණා පරපුරේ ඇත්තන්ට ජය..

පේපෑල් හදලා verify  කරන්න නොතේරෙන අයට ( උඩ ටික කියෝලා) මෙන්න මේ වීඩියෝ එකත් බලන්න පුලුවන්😊 චැනල් එක දන්න උන් දන්නවා. පට්ටම වටිනවා .. මගේ නම නෙවෙයි ඈ.😁

මෙතර්ඩ් වෙනස් වෙන්න පුලුවන්. පලමු කොටසේ දැම්ම දේවල් අරන් හදන්න..පේපෑල් කියන්නේ ලංකාවේ එකක් නෙවේ නේ කොහොම කලත් බොරු. නමුත් අපේ details දැම්මොත් verify පහසු වේවී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *