අලුත් වුනු ebay policy ත් එක්ක eBay dropshipping ඉස්සරහට.

සාර්ථක ව්‍යවසායකයෙකුගේ මාවත!

අලුත් වුනු ebay policy ත් එක්ක eBay dropshipping ඉස්සරහට.

අද කතා කරන්න යන්නේ ebay එකේ අලුතෙන් ආපු policy වල කියන දේ.. මේ අලුත් update එකත් එක්ක ටොප් රේට් සෙලර් account කරපු සෑහෙන පිරිසකගේ account නැත්තටම නැති වෙනවා..
Q. ඇයි මෙහෙම උනේ?
මතකද මන් ඔයාලට කිව්වා කිසිම කෙනෙක් ඩිජිටල් ප්‍රඩක්ට් දාන්න එපා කියලා.. ඔන්න ඕක තමයි ඒ හේතුව.. ඊබේ එක තීරණයක් අරන් තියෙනවා ලංකාවේ ඩිජිටල් ප්‍රඩක්ට් විකිණීම සීමා කිරීමට..
Q. මොනවද මෙහෙම වෙන්න හේතු?
පලවෙනි කාරණේ ප්‍රයිස් එක. හිතන්න ඔයා ගන්න ඩිජිටල් අයිටම් එක ඩොලර් 5 කට ගත්තා කියලා.. ඔයා ඒක ඩොලර් 50 කට වික්කොත් ඒකේ ගාණ 10 ගුණයකින් ඉහලයි.. ඉතින් මේක ගැන බයර් මුලදී දන්නේ නැත්තම් ගන්නවා.. ඩිජිටල් නිසා ඔයත් අයිටම් එක දෙනවා..ෆීඩ් බැක් එකත් හම්බෙනවා. ඊලගට තමයි එයා මේකෙන් වැඩ කරන්නේ… මුලදි අවුලක් නෑ අලුත් නිසා සතියක් 2ක් යද්දි වටපිටාව බලනවා තේරෙනවා මේක ගනන් වැඩි නැත්ද? හොයනවා හරියටම ගාන කීයද බලලා.. දෙයියනේ ඩොලර් 5 කට ගන්න තිබ්බ එක නේද මේ!!! ඔන්න ඔහොම හිතෙනවා.. අපේ ලංකාවේ අයනම් පලුයන්න බැනලා නිකා ඉන්නවා.. ඒත් පිටරට අය මේ සිද්දිය කියනවා..ඊබේ එකට.. දැන් ඔයා හිතෙනවා ඇති එහෙම වෙන්නේ නෑ කියලා..නෑ ඇත්තම කාරණේ එහෙම සිද්දි කියනවා..
Q. ඊට පස්සේ මොකද වෙන්නේ?
ඊබේ එක බලනවා බයර් කියන එක ඇත්තක්ද කියලා.. බයර් මෙහෙම කිව්වට වැඩක් නෑ සෙලර්ට හොදට ෆීඩ්බැක් දාලා.. ඒ නිසා ඊබේ එකේ AI විසින් මේ සිද්දිය යටි සිතට දානවා..කාලයක් ගත වෙනවා මේ වගේ සිද්දි වැඩියි. බලනවා කොහෙන්ද මේ විදිය අයිටම් යන්නේ.. චෙක් කරනවා ඊබේ එකවුන්ට්..චයිනා ලොකේශන් දාලා පිලිපීන පේපෑල් එකෙන් එන කෙනෙක්.. දෙන්නම්කෝ කියලා පේපෑල් ලිමිටේශන් එකක් ඊබේ එකෙන්ම රික්වෙස්ට් කරනවා.. අපේ බුවාලා පට්ට වැඩ්ඩෝ ඩොකියුමන්ට් දීලා ශේප් එකේ ගොඩ දාගන්නවා. ඊලගට ආයිත් අර ගොන් වැඩේම කරනවා.. ඔන්න ඔය විදියට කාලයක් ගියාම තමයි ඊබේ එක බ‍යර් ගේ ආරක්ශාවට ඩිජීටල් අයිටම් කරන්න එපා කියලා policy එකක් ගේන්නේ. අපේ උන්ට නොටිෆිකේශන් අදාලම නෑ. ඊබේ එක බලනවා මූගේ වැරැද්දක් හරි මුන්ට කියන දේ අහන්න බෑ.. දෙන්නම්කෝ කියලා account එක සස්පෙන්ඩ් කරනවා..
Q. Top rated හෝ master seller ලට ඒව ගන්න බැයිද?
99% බෑ.. ඇයි බැරි? මෙන්න මේකයි හේතුව ඊබේ එකෙන්ම අලුත් policy එකක් දාලා ඒක බලන්නේ නැතිව සෙල් කරන්න ගිහින්.. කාගෙද වැරද්ද? සෙලර් තමයි ඉතිම්. ඒක දැක්කේ නෑ කිව්වොත්? ටොප් සෙලර් ඉන්න කෙනෙක් මෙහෙම දෙයක් දැක්කේ නෑ කියන්නෙ.. කිසිම රූල් එකක් නැති සෙලර් කෙනෙක් කියලා දැන ගන්නවා.. ඒ නිසා කොහෙත්ම දෙන්නේ නෑ..

ගන්න විදියක්ම නැත්ද? හොදම දේ චැට් කරන එක.කෝල් කරන්න එපා.. චැට් කරන විදිය උඩ දාලා ඇති.. ඒකෙන් ගිහින් ට්‍රයි කරන්න.. 18-20 ට්‍රයි කරපු උනුත් උන්නා.. පුලුවන් තරන් ගන්න බලන්න..

Q. ඔයා මොකක්ද මේකෙන් කියන්නේ?
ලංකාවේ කිසිම කෙනෙක් ඩිජිටල් අයිටම් කරන්න එපා..
ලොකු ගනන් වලට හැමදාම 900% -1000% profit තියන්න එපා.
බයර්ව රවට්ටලා මේක හොදා කියලා දෙන්න එපා..
3 වන පෙලේ රටවල් වලට සෙල් නොකරන තරමට හොදයි.
අනුන්ගේ screen shot දිහා බලන්න යන්න එපා.
මම උනත් කියන දෙයක් එක පාරින් පිලිගන්න එපා. හොයන්න ඒ ගැන..
ඊබේ policy ගැන update එකේ ඉන්න..

ඔන්න ඕවත් බලලා කරන්න..මතක තියා ගන්න ලෝකයේ වැඩිපුරම ඩ්‍රොප්ශොපින් කරන රට ලංකාව කියලා..ඒ නිසා අනිවාර්‍යයෙන්ම කරන වැඩේ හරියට කරන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *